තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අල්ලස් නඩුවෙන් ෆවුසි නිදහස්

    අල්ලස් නඩුවෙන් ෆවුසි නිදහස්

    හිටපු අමාත්‍යවරයකු වූ ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම ගොනුකර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබේ.

    අල්ලස් කොමිසම විසින් සිය චෝදනා පත්‍රය ඉල්ලා අස් කරගැනීමට අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කර ඇත.

    ඒ.එච්.එම්. ෆවුසි මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි සමයේ නෙදර්ලන්තයෙන් ලබාදුන් රුපියල් කෝටි 2ක සුඛෝපභෝගී රථය පෞද්ගලික පරිහරණය කළ බවට චෝදනා නගමින් මෙම නඩුව ගොනුකර තිබු බව වාර්තාව වේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු වූ ෆවුසි මහතා අවසන් වරට පාර්ලිමේන්තුව නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි.

    එමෙන්ම ඔහු යහපාලන ආණ්ඩුවේ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

    කෙසේවෙතත් ෆවුසි මහතා පසුව ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් කෙරුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img