තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නියෝජ්‍ය කතානායක ධූරයට නම් දෙකක්

    නියෝජ්‍ය කතානායක ධූරයට නම් දෙකක්

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ නම් යෝජනාවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කළ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

    පාර්ලිමේන්තුව ලබන මස 4 වැනිදා යළි රැස්වීමට නියමිත අතර එහිදී පාර්ලිමේන්තුවේ පළමු කාර්යය වන්නේ නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img