fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන් පාරාදීසයට අනුමැතිය

    රන් පාරාදීසයට අනුමැතිය

    සහධිපත්‍ය දේපළවල අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි මුදලක් ආයෝජනය කරන විදේශිකයන්ට සහ මෙරට බැංකුවක අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් තැන්පත් කරනු ලබන විදෙශිකයන්ට දීර්ඝ කාලීන වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.

    අමෙරිකානු ඩොලර් ලක්ෂයක තැන්පතුවක් මෙරට වාණිජ බැංකුවක තැන්පත්කරන විදේශිකයන්ට වසර 10 ක කාලසීමාවකට වීසා නිකුත් කෙරන අතර එම වැඩසටහන හදුන්වාදී ඇත්තේ “රන් පාරාදීස වීසා වැඩසටහන “ නමිනි.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    මීට පෙර ක්‍රියාත්මක කරන ලද දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරී‍මේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා 2021 මාර්තු මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

    එම ක්‍රමවේදය යටතේ පහත සඳහන් පරිදි දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරී‍ම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී:

    • සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි වශයෙන් ආයෝජනය කරනු ලබන විදේශිකයින්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට, ඔවුන්ගේ කලත්‍රයින්ට සහ යැපෙන්නන්ට එලෙස ආයෝජනය කරනු ලබන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරී‍ම.

    • ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 100,000ක් තැන්පත් කරනු ලබන විදේශිකයින්හට වසර 10ක කාලසීමාවක් දක්වා වාස වීසා නිකුත් කිරීමට හැකි වන පරිදි "රන් පාරාදීස වීසා වැඩසටහන" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.