fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිරිඳ මරා සැමියා ගෙල කපාගෙන ළිඳට පනී

    බිරිඳ මරා සැමියා ගෙල කපාගෙන ළිඳට පනී

    නවසීලන්තයේ වසර තුනක කාලයක් රැකියාවක නිරතව සිට මෙරට පැමිණි කාන්තාවක් ඇගේ සැමියා විසින් පිහියකින් ඇන ඝාතනයකර ඇගේ තිබේ.

    ඒ ඇය මෙරටට පැමිණ දින දෙකක් තුළදීය.

    ඇගේ සහෝදරියටත් මිතුරියකටත් එම සැමියා විසින් එම අවස්ථාවේදී පිහිපහරවල් කිහිපයක් එල්ලකර ඇති අතර එ් අය මේ වන විට බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි.

    අනතුරුව එම සැමියා සිය ගෙල කපාගෙන ළිඳකට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සහ දරා තිබේ. ඔහු මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

    මෙම පිහි ඇනුම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී සිදුව ඇත්තේ වැලිවේරිය පොලිස් වසමේ වෑබඩ ප්‍රදේශයේ නිවසක් තුළදීය.

    මිය ගිය කාන්තාව 33 වන වියේ පසුවන තැනැත්තියක් වන අතර සැමියා 37 වන වියේ පසුවන්නෙකි. ඔහු යතුරුපැදි සමාගමක සේවයේ නිරතව සිටි කාරිමිකයෙක් බව පොලීසිය සඳහන් කරයි.

    මිය ගිය කාන්තාව 2019 වසරේ නවසීලන්තයේ රැකියාවක් සඳහා ගොස් ඇත්තේ විවාහයෙන් කෙටි කලකින් අනතුරුවය. සිය සැමියාව ඇය නවසීලන්තයට ගෙන්වා ගන්වා බවට පොරොන්දුවක් ලබාදී ඇතත් එය ඉටු නොවීම හේතුවෙන් දෙදෙනා අතර පවුල් ආරවුලක් හටගෙන ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී තිබේ. එම ආරවුල දුරදිය යමින් මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.