fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංගම් 30ක ගුරු-විදුහල්පතිවරු හෙට ඉස්කෝලේ වැඩ නෑ

    සංගම් 30ක ගුරු-විදුහල්පතිවරු හෙට ඉස්කෝලේ වැඩ නෑ

    ගුරු හා විදුහල්පති සංගම් හෙට (25) දිනයේදී දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

    ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළයාම මෙන්ම රජය ගෙනයන ජනතා විරෝධි වැඩපිළි‌වෙළට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

    මෙම එක්දින සංකේත වැඩ වර්ජනය සඳහා ගුරු විදුහල්පති සංගම් 30 ක් සහභාගි වන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළා.

    කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට බාධාවක් නොවන ලෙස වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගුරු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන තිබෙනවා.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.