තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍ය තොගයක් ලබන සතියේ දිවයිනට

    ඉන්දියාවෙන් ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍ය තොගයක් ලබන සතියේ දිවයිනට

    පරිත්‍යාගයක් ලෙස ඉන්දියානු රජය විසින් මෙරටට ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් ලබන බදාදා දිවයිනට ළඟා වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඉන්දීය නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් එම ඹෟෂධ මෙරටට රැගෙන එන බවයි ඔහු සදහන් කළේය.

    එමෙන්ම ඉන්දුනීසියානු රජය ලබා දුන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයද සතියක් ඇතුළත මෙරටට ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img