තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉල්ලා අස්වුණාද? - ආචාර්ය නාලක ගොඩහේවා උත්තර දෙයි

    ඉල්ලා අස්වුණාද? – ආචාර්ය නාලක ගොඩහේවා උත්තර දෙයි

    ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස් වු බවට පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මාධ්‍ය හමුවේ අද විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

    ඒ ජනතවට වඩාත් පිළිගැනීමට හැකි සෙසු පක්ෂවලින් ද සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සුදුසු බවට වන තමා විශ්වාසය කරන බැවින් ඒ සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදීමට තමා කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ලිපියකින් දැන්වූ බවය.

    එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ බවත් අවශ්‍ය වෙනස්කම් කරමින් එක්ව මෙම කර්තව්‍ය ඉදිිරියට කරගෙන යාමට සහය දක්වන්නැයි දන්වා සිටීම නිසා තමා තවදුරටත් අමාත්‍ය ධුරයේ රැඳී සිටිමින් ජනාධිපතිවරයාට ශක්තියක් වීමට තීරණය කළ බව ද ආචාර්ය නාලක ගොඩහේවා එහිදී කියා සිටියේ ය.

    නාලක ගෝඩහේවා මහතා ඇමති ධුරය ලබා දින දෙකකට පසු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදුන් බවට කමාට දැනගන්නට ඇතැයි අද පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේග මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img