තවත්
    මුල් පිටුවspecial“ගෝලීය ආරක්ෂක මුලපිරීම” චීන ජනපතිගෙන්

    “ගෝලීය ආරක්ෂක මුලපිරීම” චීන ජනපතිගෙන්

     
    බෝආඕ ආසියා සංසදයේ 2022 වාර්ෂික රැස්වීමේ සමාරම්භක උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (21) එක්වෙමින් ප්‍රධාන දේශනය පැවැත්වූ චීන ජනාධිපති ෂී ජීන් පිං මහතා එහිදී “ගෝලීය ආරක්‍ෂක වැඩපිළිවෙළ”යෝජනා කර තිබේ.

    “ආරක්ෂාව යනු සංවර්ධනයේ කේන්ද්‍රය වන අතර, මානව වර්ගයා යනු වෙන් කළ නොහැකි ආරක්ෂක ප්‍රජාවකි.” යන්න ඔහු එහිදී අවධාරණය කළ අදහසයි. එම දේශනය ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානයට ලක්ව තිබේ. මෙම මුලපිරුම චීනය විසින් ලොවට හඳුන්වාදෙන  තවත් ජාත්‍යන්තර පොදු වැඩසටහනකි.  එම යෝජනාව ආසියාවේ පමණක් නොව  සමස්ත  ලෝකයේම අවශ්‍යතාවක් බව විවිධ වියතුන් පෙන්වා දී ඇත.

    ෂී ජින් පීං ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද “ගෝලීය ආරක්ෂක මුලපිරුම”  සැබෑ බහුපාර්ශ්වවාදය මූර්තිමත් කරන්නකි. එසේම එය ලෝක සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට කැපවෙමින් පශ්චාත් වසංගත යුගයේ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා පිටුබලයක් ද සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img