fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තොග අවසන් වූ ඖෂධ වර්ග- ශල්‍ය ද්‍රව්‍ය 5000 පනී

    තොග අවසන් වූ ඖෂධ වර්ග- ශල්‍ය ද්‍රව්‍ය 5000 පනී

    මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් කොළඹ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 525 ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ප්‍රධාන වෛද්‍ය සැපයුම් අංශයේ එවැනි ඖෂධ වර්ග හා ශල්‍ය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හිඟ වූ ප්‍රථම අවස්ථාව මෙය වන බවද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සභාපති අජිත් පී තිලකරත්න මහතා සඳහන් කරයි.

    ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 6ක් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 239ක් හා කලාතුරකින් අවශ්‍ය වන ඖෂධ වර්ග ලෙස 280ක් මේකව තිබෙන අතර අත්‍යාවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721ක් සහ තවත් ශල්‍ය ද්‍රව්‍ය 25ක් මේ වන විට තොග අවසන් වී ඖෂධවේදීන්ගේ සංගමය කියයි.

    හදිසි හෘදයාබාධ සඳහා භාවිත කරන ඖෂධ, ජලභීතිකාව සඳහා භාවිත කරන එන්නත් වර්ග මේ වන විට තොග අවසන් වී ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.