තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට අදාල යෝජනා කෙටුම්පත කථානායක අතට

    විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට අදාල යෝජනා කෙටුම්පත කථානායක අතට

    විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අදාල නව සංශෝධන ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද භාරදී තිබේ.

    එම කෙටුම්පත අද පෙරවරුවේදී විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදීමෙන් පසු කථානායකවරයාට එම කෙටුම්පත ලබාදී ඇත.

    විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම, 20වන සංශෝධනය ඉවත් කිරීම, ස්වාධින කොමිසන් සභා ස්තාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සලයක් ස්ථාපිත කිරීම වැනි සාධනීය කරුණු රැසක් එහි ඇතුලත්ව ඇති බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img