තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් වෑන් ගාස්තු ඉහළට

    පාසල් වෑන් ගාස්තු ඉහළට

    පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

    එහි ප්‍රධාන ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරන්නේ ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස පාසල් වෑන් රථ ගාස්තු ද ඉහළ දැමීමට සිදුවූ බවයි.

    දෙමව්පියන්ට අසාධාරණයක් නොවන අයුරින් පාසල් වෑන් රථ ගාස්තු අයකිරීමට පියවර ගන්නා ලෙස සියලුම  පාසල් ළමුන් ප්‍රවාහන රථ වලින් ඉල්ලා සිටින බවද බවත් හෙතෙම සඳහන් කළේය.

    එමෙන්ම පාසල් වෑන් රථ ධාවනය සඳහා අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන්නේනම් සියලුම පාසල් වෑන් රථ හෙට(21) දිනයේ සිට ධාවනයට පියවර ගන්නා බවත් ලලිත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img