fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරටට හදිසි ආධාර දෙන්න ලෝක බැංකුවත් ලෑස්තියි

    මෙරටට හදිසි ආධාර දෙන්න ලෝක බැංකුවත් ලෑස්තියි

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ අවදානමට ලක්වූවන් පිළිබඳ සැළකිල්ලට ගනිමින් මෙරටට හදිසි ආධාර සැපයීමට සූදානම් බව ලෝක බැංකුවේ දකුණු ආසියාව සඳහා වන නියෝජ්‍ය සභාපති හාර්ට්විග් ෂේෆර් මහතා පවසයි.

    ඔහු මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු පිරිස සමඟ ඊයේ අමෙරිකාවේදී පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි.

    වැඩිදුරටත් හාට්විග් ෂේෆර් මහතා පෙන්වාදෙන්නේ මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳ සාධනීය සාකච්ඡාවක් ඊයේ පැවැති බවයි.

    “ලෝක බැංකුවේ අපි දුප්පතුන්ට සහ අවදානමට ලක්වූවන්ට සිදුවන වත්මන් අර්බුදයේ බලපෑම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒ අතරම අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ සැපයුම්, පෝෂණය සහ අධ්‍යාපනය සඳහා හදිසි ආධාර සපයන්න අපි සූදානම්.

    අද දින ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති වීරසිංහ සමඟ හොඳ සාකච්ඡාවක් පවත්වා, ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග, ස්ථාවරත්වයට සහ ප්‍රකෘතියට සහාය වීම සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කළා. ” යැයි ද ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වන නියෝජ්‍ය සභාපතිවරයා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.