තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජොන්ස්ටන්ගේ තනතුර ඇමති ප්‍රසන්නට

    ජොන්ස්ටන්ගේ තනතුර ඇමති ප්‍රසන්නට

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කළ බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වූයේ හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ය.

    ඔහු අද දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයට පත්නොවූ අතර ඔහුගෙන් හිස් වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය වෙනුවෙන් රණතුංග අමාත්‍යවරයා මෙලෙස නම් කෙරුණි.

    අද (18) ප්‍රසන්න රණතුංග මහතා වෙත මහජන ආරක්ෂක සහ සංචාරක යන අමාත්‍යාංශ දෙකෙහිම කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්කෙරිණ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img