fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම හරිම අවිනිශ්චිතයි - ලෝක බැංකුව

    ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම හරිම අවිනිශ්චිතයි – ලෝක බැංකුව

    ශ්‍රී ලංකාව දරාගත නොහැකි ණය සහ ගෙවුම් ශේෂ අභියෝගවලට මුහුණ දී සිටින බව ලෝක බැංකුව පවසයි.

    මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත බව, ලෝක බැංකුව පවසා ඇත්තේ කලාපීය රටවල ආර්ථිකය පිළිබඳ වසරකට දෙවරක් යාවත්කාලීන කොට නිකුත් කරනු ලබන වාර්තාවක් මගිනි. එහි නවතම වාර්තාව අද(13) නිකුත් කර ඇත.

    එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉහළ ණය සහ ණය සේවාවලට විසඳුම් සෙවීම, මූල්‍ය හිඟය අඩු කිරීම, බාහිර ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ දිළිඳු හා අවදානමට ලක් වූවන් කෙරෙහි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට හදිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍ය බව ය.

    දකුණු ආසියාවේ රටවල් දැනටමත් ඉහළ යන භාණ්ඩ මිල, සැපයුම් බාධක සහ මූල්‍ය අංශවල දුර්වලතා සමඟ පොරබදමින් සිටී. යුක්රේනයේ යුද ගැටුම් උද්ධමනයට සහ ජංගම ගිණුම් ශේෂ පිරිහීමට තවදුරටත් සිදුකරයි. මෙම අභියෝග ඉදිරියේදී තව තවත් උග්‍ර කරනු ඇති බව එම වාර්තාවේ දැක්වේ.

    ශ්‍රී ලංකාවේ අවිනිශ්චිත ආර්ථික දැක්ම සහ මිනිසුන්ට ඇති වන බලපෑම පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසුවන බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හාඩඩ් සර්වෝස් එහි පවසා තිබේ.

    ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ සඳහා හදිසි ආධාර සැපයීමට කටයුතු කරමින් සිටින බව ද ලෝක බැංකුව පවසා ඇත.

    එමෙන්ම ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටින අතරම සාමූහික හා ශක්තිමත් ක්‍රියාමාර්ග අවශ්‍ය වන තිරසාර වර්ධනයක් පිළිබඳ උදව්දීමට කැපවී සිටින බව සර්වෝස් පවසයි.

    ශ්‍රී ලංකාවේ දුර්වලතාවල ව්‍යුහාත්මක මූලාශ්‍ර සොයාබලා පිළිබඳ පියවර ගත යුතු අතර එය දේශීය ආදායම් බලමුලු ගැන්වීම ශක්තිමත් කිරීම හරහා, රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීම සඳහා අවශ්‍ය වන බව ද වාර්තාව මගින් අවධාරණය කර ඇත.

    ණය තිරසාර බව යළි ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකාවට ඉටුකළ හැකි විකල්ප සොයා ගත යුතු ය යනාදි කරුණු ගණනාවක් සවිස්තරාත්මකව ලෝක බැංකු වාර්තාවේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.