තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිලන්ත ජයවර්ධන කොළඹට කැදවයි

    නිලන්ත ජයවර්ධන කොළඹට කැදවයි

    මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට කැදවා තිබේ.

    ඒ පොලිස් සහයක සේවා භාර පොලිස් ප්‍රධානියා ලෙසය.

    ඒ අනුව මධ්‍යම පළාත්භාර නව පොලිස් ප්‍රධනියා ලෙස සහයක සේවා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කර තිබේ.

    රජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථානමාරුවීම් මහජන ආරක්ෂක ලේකම්ගේ අනුමැතිය පරිදි පොලිස්පති විසින් මෙම ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කර ඇත.

    එහෙත් මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානී තනතුරට වෙනත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයෙකුගේ කැමැත්තක් ඇතිවී තිබෙන බැවින් බොහෝ විට ඉදිරි දින කිහිපය තුළ යම් වෙනසක් සිදුවීමට ඉඩ ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

    ප්‍රියන්ත වීරසූරිය මහතා මේ වන විට පාරිලිමේන්තුවේ ආරක්ෂාව භාරවද කටයුතු කරනු ලබයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img