තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු මුහුදෙන් කෝටි 300ක හෙරොයින් අල්ලයි

    දකුණු මුහුදෙන් කෝටි 300ක හෙරොයින් අල්ලයි

    රුපියල් කෝටි 300කට අධික වටිනාකමක් ඇති හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 300 කට අධික ප්‍රමාණයක් රැගෙන පැමිණි බෝට්ටුවක් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී සැකකරුවන් 06 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.

    දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගත් එම බෝට්ටුව මේ වන විට ගාල්ල වරායට රැගෙනවිත් ඇතැයි ආරක්ෂක අංශයක උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව මෙම වැටලීම කර තිබේ.

    හෙරොයින් කිලෝ 300ක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 25 ක් එම යාත්‍රාවේ ඇති බවත් එම නිලධාරියා කීය.

    එම බෝට්ටුවේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හික්කඩුව හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img