fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඟළුම් සේවකයින් තිදෙනෙක් රම්බඩ ඇල්ලේ ගසා ගෙන යයි

    ඇඟළුම් සේවකයින් තිදෙනෙක් රම්බඩ ඇල්ලේ ගසා ගෙන යයි

    රම්බඩ ඇල්ලේ දිය නාමින් සිටියදී සැඩපහරකට හසුවී අතුරුදන්වූ වව්නියාවේ ඇගළුම්කම්හල් සේවකයින් තිදෙනා සොයා අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක බව කොත්මලේ පොලීසිය සඳහන් කළේය.

    තිස් හතර දෙනෙකුගෙන් සමන්විත ඇගළුම්කම්හල් සේවකයින් පිරිසක් නුවරඑළියේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇත්තේ පෙරේදාය.

    ඔවුන් නැවත ඊයේ වව්නියාව බලා ගමන් කරන අතර තුර රම්බඩ ඇල්ලේ දිය නෑමට තීරණයකර තිබේ.

    ඒ අනුව ඇගළුම් සේවකයින් ඇල්ලට බැස දියනාමින් සිටියදී ඉහළ ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාවක් හේතුවෙන් එකවරම විශාල ජල කඳක් ගලාගෙන විත් ඇතැයි කොත්මලේ පොලීසිය සඳහන් කළේය. එහිදී ඇල්ලේ දියනාමින් සිටි බොහෝ පිරිසක් ගොඩට විත් ඇති අතර 07 දෙනෙක් දියේ ගසාගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී සිව් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට එම ස්ථානයේ රැදී සිටි ජීවිතාරක්ෂක කණ්ඩායමක් සමත්ව තිබේ.

    සැඩපහරට හසුවී අතුරුදන්ව ඇත්තේ අවුරුදු 21,22 සහ 19 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.