තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කරන්නන් සොයා පොලිස් මෙහෙයුම්

    ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කරන්නන් සොයා පොලිස් මෙහෙයුම්

    ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කරන්නන් සොයා පොලිසිය දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

    පොලිස් මූලස්ථානයෙන් කළ දැනුම්දීමකට අනුව මෙම මෙහෙයුම් දියත්ව ඇත.

    ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල හැඳල ප්‍රදේශය තුළ කරන ලද මෙහෙයුමකින් වැඩි මිලට පෙට්‍රල් අලෙවි කරමින් සිටී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    හැත්තෑ එක් වන වියේ පසුවන එම පුද්ගලයා සතුව තිබී පෙට්‍රල් ලීටර් 30 යි මිලිග්රැම් 750ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

    ඉන්ධන තොගය සමග සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානයට භාර දී ඇත.

    මෙම වැටලීම කර ඇත්තේ ඊයේ රාත්‍රියේ දී ය.

    Media on 2022.04.11 at 2200
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img