fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්නියෝජ්‍ය කථානායක ධූරයේ තවදුරටත් රැදී සි ටින බව සියඹලාපිටිය කියයි

    නියෝජ්‍ය කථානායක ධූරයේ තවදුරටත් රැදී සි ටින බව සියඹලාපිටිය කියයි

    නියෝජ්‍ය කථානායක ධූරයේ තමා කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළේය.

    එය භාරගන්නේ අප්‍රේල් මාසය අවසානය වන තෙක් පමණක් බවත් එම කාලය තුළ නියෝජ්‍ය කතානායක ධූරයේ වරප්‍රසාද කිසිවක් භාර නොගත්නා බවත් රංජිත් සියඹලාපිටිය මහතා කීය.

    රංජිත් සියඹලාපිටිය මහතා නියෝජනය කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ ඔහු නියෝජ්‍ය කථානායකධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේපකරමින් සඳහන්කර තිබුණේ නියෝජ්‍ය කථානායකධූරය ස්වාධීන තනතුරක් බවත් එම පත්කිරීම සිදුකරනු ලැබුවේ පාර්ලිමේන්තුවෙන් බැවින් තවදුරටත් එම ධුරයේ කටයුතුකරන ලෙසත්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.