තවත්
    මුල් පිටුවspecialයුක්රේනය ගැන චීන විදේශ ඇමති- ප්‍රංශ ජනපතිගේ විදේශ කටයුතු උපදේශක අතර සංවාදයක්

    යුක්රේනය ගැන චීන විදේශ ඇමති- ප්‍රංශ ජනපතිගේ විදේශ කටයුතු උපදේශක අතර සංවාදයක්

     
    චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ (7) ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක Emmanuel Bonne මහතා සමඟ දුරකථන සංවාදයකට එක්වෙයි.  

    ඔවුහු යුක්රේන ගැටළුව පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

    ප්‍රංශය සැමවිටම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියකට අනුගතව සිටින අතර, වෙනත් දේශපාලන සමූහයන්හි තර්ක තමන්ට අදාළ නොවන බව Emmanuel Bonne මහතා මෙහිදී පැවසීය. සාම සාකච්ඡා ප්‍රවර්ධනය, සටන් විරාමයක් ඇති කරගැනීම සහ අර්බුදය විසඳීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීම ප්‍රංශයේ අපේක්ෂාවයි.

    ප්‍රංශ ස්ථාවරය චීනය අගය කරන බව වං යී මහතා පැවසීය. සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිසරය සහ කොන්දේසි සියලු පාර්ශ්ව විසින් නිර්මාණය කළ යුතු බව ද චීනය අවධාරණය කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img