තවත්
    මුල් පිටුවදේශීය පුවත්කබ්රාල් ට විදෙස්ගතවීම තහනම්

    කබ්රාල් ට විදෙස්ගතවීම තහනම්

    හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේ ය.

    මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාරවරයෙක් වන කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත්කළ පැමිණිල්ල් සලකා බැලීමෙන් අනතුරව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාය.

    අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි අද නිකුත් කෙරිණ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img