තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලා - නිමල් සිරිපාල ද සිල්වා

    ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලා – නිමල් සිරිපාල ද සිල්වා

    යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ එම මාධ්‍ය හමුව පැවැත්විණි.

    පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්‍ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රති‍ක්ෂේප කළ නොහැකි බව තම පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී පැවසීය.

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා රජය ගෙනඑන ඕනෑම වැඩපිළිවෙලකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය ලබාදෙන බව පැවසූ බවද නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.

    මේ අවස්ථාවේදී රටේ පවතින අර්බුදය විසඳීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img