fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස්පතිගේ කණගාටුව

    පොලිස්පතිගේ කණගාටුව

    පාර්ලිමේන්තු මාර්ග බාධකය අසලදී හමුදාවේ සන්නද්ධ සාමාජිකයන් සහිත
    යතුරුපැදි හතරක් පොලීසිය නතරකිරීමෙන් පසුව සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය කණගාටුව ප්‍රකාශකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    එම මාර්ග බාධකය ඊයේ දිනයේ ක්‍රියාත්මක වූයේ විරෝධතා උද්ඝෝෂණයක් හේතුවෙනි.

    එම ස්ථානයේ විශාල පිරිසක් ඊයේ උදෑසන සිට රැදී සිටි අතර පොලීසිය ඉතා අපහසුවෙන් එම උද්ඝෝෂකයන් පාලනය කරමින් සිටියේය.

    සාමකාමී ලෙස රැදී සිටි උද්ඝෝෂකයන් අතරට සවස් කාලයේ හමුදාවේ සන්නද්ධ සාමාජිකයන් රැගත් යතුරු පැදි හතරක් ගමන් කරනුයේ ඔය අතර තුරදීය. හමුදාවේ යතුරුපැදි බලකායේ පිරිසක් වූ ඔවුන්ව මාර්ග බාධකයේ රැදී සිටින පොලිස් නිලධාරීන් විසින් පැහැදිලිව හදුනා ගෙන තිබුණි.

    මාර්ග බාධකය ඉදිරියේ උද්ඝෝෂකයන් රැදී සිටි මාර්ගයේ එම යතුරු පැදි මදක් කැරකැවෙමින් සිටියේය. එහිදී පොලිස් නිලධාරීන් සිතන්නේ ඔවුන් මඟ වැරදීමෙන් එහි පැමිණ ඇති බවකි. එබැවින් මාර්ග බාධකය මදක් විවරකර ඒ අයට ඇතුලට ඒමට ඉඩ ලබාදීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණි.

    අනතුරුව නැවතත් යතුරුපැදි කරුවන් පිටතට නැවත උද්ඝෝෂකයන් රැදී සිටි ස්ථානයෙන් හරවා තිබේ. එම අවස්ථාවේදී උද්ඝෝෂකයන් කළබල වී කලහාකාරී වීමට පටන්ගෙන ඇති අතර පොලීසියේ නිලධාරීන් මැදිහත්ව එය පාලනය කරමින් එක් යතුරු පැදියක් සිය භාරයට ගෙන එහි යතුර සියතට ගෙන තිබේ. එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් දැඩිව ඔවුන්ට බැන වැදී මුහුණු ආවරණ පවා ගලවා පහරදීමක්ද කර ඇත. එසේ පොලිස් පහරකෑමට ලක්ව ඇත්තේ මේජර්වරයෙක් බව කියයි.

    මෙම සිදුවීමත් සමඟ පොලීසියට එරෙහිව පියවර ගන්නැයි ආරක්ෂක බලධාරීන්ගෙන් උපදෙස් ලැබෙන අතර සහකාර පොලිස් අධිකාරීවරු දෙදෙනාව ඊයේ රාත්‍රියේ වැඩ තහනම් කිරීමටද පොලිස් බලධාරීන් සූදානම් වී තිබේ. මෙවන් යතුරුපැදි බලකායක් එම ස්ථානයට පැමිණෙන බවක් කල්තියා දැනුවත් නොකිරීම ආදී කරුණු කිහිපයක් මුල්කරගෙන ඒ තුළින් පොලීසිය තුළ අභ්‍යන්තර කැළඹීමක් ඇතිවේයැයි සිතූ පොලිස් බලධාරීන් මේ වන විට එම වැඩ තහනම අතහැර මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත. ඉදිරිපියවර ගනු ලබ්නනේ යැයි පොලිස් මූලස්ථානය කියන්නේ එම විමර්ශන ප්‍රගතිය අනුවය.

    මේ අතර යුද හමුදාවෙන්ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත. එම විමර්ශනයට අදාලව එම සිදුවීමට සම්බන්ධ වූ සහකාර පොලිස් අධිකාරීවරුන්වද කැදවා තිබෙන බව ආරංචි මාර්ග සදහන් කළේය.

    මෙම යතුරුපැදි බලකාය එහි පැමිණ ඇත්තේ නීත්‍යානුකූලව බවත් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකිරීම සම්බන්ධයෙන්ද ගැටළුවක් මේ වන විට ඇතැයි ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් කීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. Sir your timely response to this incident is praiseworthy and such reaction can come only from your vast experience and the constant knowledge of the ground situation. This reminds me of the response of His Eminence Malcom Cardinal Ranjith immediately after the Easter attack.

      I cannot even hypothetically imagine a situation where an Army Officer assaulting in public, a Police Officer on duty. Experience, knowledge, leadership, ability to control emotions and tact are some qualities one should possess to successfully handle a situation of this nature. It is not the rank one wears but the ability to asses a situation for which experience is the key.

    Leave a Reply to Mahendra WijeratneCancel reply