තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට(03) විදුලිය කැපෙන කාලය පැය 2ටත් වඩා අඩුයි

    හෙට(03) විදුලිය කැපෙන කාලය පැය 2ටත් වඩා අඩුයි

    පැය 6 කට සැලසුම් කර තිබූ හෙට (අප්‍රේල් 3) දිනය සඳහා නියමිත විදුලි කප්පාදු කාලය පැය 1 විනාඩි 40 දක්වා අඩු කර තිබේ.

    ඒ විදුලිබල මණ්ඩලයට ඉන්ධන තොග ලැබීම සහ ඉල්ලුම අඩුවීම හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW ප්‍රදේශ සඳහා සවස 5.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ පැය 1 විනාඩි 40 ක විදුලි කප්පාදුවක් පමණක් සිදුකරනන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර සිටී.

    විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන තොග ප්‍රමාණයන් ලංකා විදුලිබල මණ්ඩලයට වෙන් කරන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ලිඛිත සහතිකයක් ලැබි ඇත.

    ඒ අනුව ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබී ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 12,000ක් සහ ලංකා අයිඕසී සමාගමෙන් ලද මෙට්‍රික් ටොන් 6000 ක් ද අද ලැබී ඇත.

    ලබන අප්‍රේල් 5 සහ 6 දිනවලදී ඉන්දියානු ණය පහසුකම යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 12,000 ක් ද ලබන 6 හෝ 7 දිනයන්හිදී ඉන්දියානු ණය රේඛාව යටතේ 25,000MT ද ලැබීමට නියමිතය.

    ඊට අමතරව ගෙවීම සිදු කළ පසු නැංගුරම් ලා ඇති තෙල් නැවෙන් කොටසක් වෙන් කෙරෙනු ඇත.

    එබැවින් ඉදිරි දිනවලදී පවතින විදුලි කප්පාදුව සැලකිය යුතු ලෙස අඩු කරනු ඇති බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහතික කර සිටී.

    ඉහත ඉන්ධන තොග ලැබීම හේතුවෙන් පැය 1 යි මිනිත්තු 40 දක්වා අඩු වී ඇති හෙට(03) දිනයේ විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    Final-E-03-04-2022-Power-Interruption-Schedule-full
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img