තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පුළුවන් අයට දීලා ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න" - විපක්ෂනායක

    “පුළුවන් අයට දීලා ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න” – විපක්ෂනායක

    වත්මන් ආණ්ඩුව, ජනාධිපතිවරයා ප්‍රමුඛව ඉල්ලා අස්වී රට කරගෙන යාහැකි කණ්ඩායමකට භාරදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්දනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීමටත් 600කට අධික නීතිඥ පිරිසක් ඒ වෙනුවෙන් සූදානම්ව සිටින බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් පැවසීය.

    රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරයටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් ඔහු අද (01) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

    ජනතාව මොහොතින් මොහොත ජීවත්වීමේ අරගලයක යෙදී සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවද දැන් රට අරාජික වී ඇතැයිද පැවසීය.

    ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුලින් ජනතාව මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා එවැන්නකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img