තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිහානේ විමර්ශනය සී.අයි.ඩී.යට

    මිරිහානේ විමර්ශනය සී.අයි.ඩී.යට

    මිරිහානේ ඇතිවූ කලහාකාරී සිදුවිම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

    පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා පත්කර ඇති බවය.

    මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින කාන්තාව ඇතුළු සැකකරුවන් 54 දෙනා මිරිහාන පොලීසිය විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවද ඔහු කීය.

    පොලීසියේ බස් රථයකට, ජිප් රථයකට, ත්‍රී රෝද රථයකට යතුරු පැදි දෙකකට සහ හමුදාවේ බස් ගිනි තැබීමට සම්බන්ධ වූවන් හදුනා ගැනීමටද පොලිස් විමර්ශන පැවැත්වෙන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img