fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඊයේ කළහකාරී වූ විරෝධතාකරුවන් PTA යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්

    ඊයේ කළහකාරී වූ විරෝධතාකරුවන් PTA යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්

    නුගේගොඩ, ජුබිලි කණුව ආශ්‍රිතව ඊයේ රාත්‍රි කළහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    ඔවුන් බස් ගිනි තබමින් දේපොළවලට හානි කරමින් සිදුකළේ ත්‍රස්ත ක්‍රියා බවට ඔහු කියාසිටියේ මේ වනවිට එම සිදුවීම පිළිබඳ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදීය.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත්‌ මෙසේද කීය.

    “නුගේගොඩ දී ඊයේ රාත්‍රි උද්ඝෝෂණයක් පැවැත්වුවා පොලිසිය තමන්ගේ දේපළවලට පවා හානි කරමින් කටයුතු කරද්දී ඉවසීමෙන් කටයුතු කරලා තියෙනවා. නමුත් අවසානයේ රාත්‍රියේ දී මේ ගිනි ගනිමින් තිබූණේ බස් රථය හරස් කරලා පාර වසා තිබුණු ස්ථානයේ. කණ්ඩායමක් එතනින් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරයක් සහ ජල ප්‍රහාරයක් එල්ල කරලා මේ කණ්ඩායම් පලවාහරින්න කටයුතු කරලා ඒ ස්ථානය සුරක්ෂිත කරලා තියෙනවා. ඉතින් මේක තමයි සිදුවීම.

    ඒ උද්ඝෝෂණයට බාධා කිරීම හෝ ප්‍රහාර එල්ල කිරීම ආදි කිසිදෙයක් සිදු වුණේ නෑ. නමුත් අවසාන barricade එක නැත්නම් ජනාධිපතිවරයාගේ නිවසේ barricade එක කඩාගෙන ගිනි ගනිමින් තිබුණු බස් රථය ඉවත් කරගන්න උත්සාහ ගනිමින් තිබුණු අවස්ථාවේදී තමයි කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ. මේක මේ වගේ ඕනෑම තත්ත්වයක දී විශේෂයෙන්ම ජනාධිපතිවරයෙක්ගේ නිවසට ජනාධිපතිවරයා සිටියදී යමක් කරන්න උත්සාහ කිරීමේදී භාවිතා කරලා තියන අවම බලය තමයි බාවිතා කරලා තියෙන්නේ. සිදුවීමේ ඇත්ත තත්ත්වය ඒක. මෙය සංවිධානය වුණේ කොහොමද කවුද කියන එක පිළිබඳව ඒක වෙනම කතාවක්. ඒ පිළිබඳව කරුණු අනාවරණය කෙරෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වුණත් මෙහිදී අත්අඩංගුවට ගන්න පුළුවන් මොකද මේවා ත්‍රස්තවාදී ක්‍රියා. මොකද 88-89 කාලෙත් අපි දන්නවා බස් ගිනිතිබ්බා පොලිසීවලට ගිනිතිබ්බා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.