fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිහානේ සිද්ධියට එජාප- ජවිපෙ සම්බන්ධයක් ගැන ඇමති ප්‍රසන්න හෙළිකරයි

    මිරිහානේ සිද්ධියට එජාප- ජවිපෙ සම්බන්ධයක් ගැන ඇමති ප්‍රසන්න හෙළිකරයි

    මිරිහාන ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි කළහකාරී තත්ත්වයක් ඇතිවූයේ සාමකාමී උද්ඝෝෂකයන් පැමිණ වේලාවක් ගතවූ පසුව, එක්සත් ජාතික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයන් සම්බන්ධ වී මෙහෙයවූ අන්තවාදීන් විසින් එය අතට ගෙන ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් කරා ගෙනයාමට නිසා බවටත් අනාවරණය වී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මේ වනවිට ජනාධිපති මාධ්‍ය අංශය විසින් පවත්වනු ලබන ‘ඇත්ත’ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ කරුණු හෙළිකළේ්ය.

    ජනාධිපතිවරයා සිතුවේ සාමකාමී උද්ඝෝෂකයන් පැමිණ විරෝධතාව සිදුකර යන්නට යාවි යනුවෙන් බවත් එබැවින් පොලීසියට හා හමුදාවට කිසිදු මැදිහත්වීමක් නොකරන ලෙසට උපදෙස් දී තිබූ බවත් අමාත්‍යවරයා කීය.

    එහෙත් දේශපාලකයන් විසින් මෙහෙයවනු ලබන අන්තවාදීන් උද්ඝෝෂණයෙ අවසන් කොටසේදී පැමිණ දේපළවලට අලාභහානි කොට මෙය රටට අලභායක් දක්වා ගෙනගිය බවට අනාවරණය වී ඇතැයි අමාත්‍යවරයා කියයි.

    “ඔවුන් (විපක්ෂය) දන්නවා දේශපාලන නායකත්වයක් දුන්නොත් මිනිස්සු දැන් පාරට බහින්නේ නෑ කියලා. ඔවුන් ක‍ළේ දේශපාලන නායකත්වයක් නොපෙන්වා මිනිස්සුන්ව රවට්ටලා යටින් ඉඳගෙන මේ වගේ තත්ත්වයක් ඇති කරපු එක. එතන හිටියා යූඑන්පී නගර සභා මන්ත්‍රීවරු. ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු හිටියා අපේක්ෂකයෝ හිටියා. ඒ වගේ අන්තවාදීන් ඉඳගෙන මේක මෙහෙයවූවා කියන එක අපි දැක්කා. මම වගකීමෙන් ඔබලාට කියනවා. ඒ කාරණා ජනාධිපති මාධ්‍ය අංශය ඔබලාට ඉදිරිපත් කරාවි.” යැයි ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

    අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ ද කීය.

    “ඊයේ දවසේ සිදුවීම තුළත් ජනාධිපතිතුමා පුළුවන් තරම් ඉවසිලිමත්ව කටයුතු කළේ අවුලක් නැතුව ඒ සාමකාමී උද්ඝෝෂකයෝ ඇවිල්ලා උද්ඝෝෂණය කරලා යයි. පොලිසියට හමුදාවට මැදිහත් වෙන්න එපා කියන කාරණාව තමයි පණිවිඩය දුන්නේ. පාන්දර එක එකහමාර දෙක වෙනකම් ඒ මට්ටමේ පවත්වාගෙන ගියා. උද්ඝෝෂකයෝ ජාතික දේපල විනාශ කරා රාජ්‍ය පෞද්ගලික දේපල විනාශ කළා ඔක්කොමල ඡායාරූප දකින්නැති ඒ අය ගිනි අරගෙන තාප්ප කඩන්න ගල් ගහන්න ගල් ගහපු හැටි. ඒ වගේම පෞද්ගලික දේපළ හානි කළා. ඉන්පස්සෙ අවසානයේදී සිද්ධ වුණා අවම බලය පාවිච්චි කරලා මේක විසුරුවා හරින්න. අපි අවම බලය පාවිච්චි කරලා විසුරුවා හැරීම තුළ පැය භාගයක් ඇතුළත මේක පාලනය කරගන්න පුළුවන්කම තිබුණා. හමුදා නිලධාරීන් කරන්නෑ මේවා. සමාජ මාධ්‍ය වල මේක zoom කරලා පෙන්නන්න එක්කෙනෙක් ඉඳලා මේක හමුදාව කරා කියලා. ඉතින් මේ වගේ ඡායාරූප ගොඩක් අපි ගාව තියෙනවා. මේක පැහැදිලිවම මේක සාමකාමී සාමකාමීව උද්ඝෝෂකයන් ගෙන් ආරම්භ කරලා, අන්තවාදීන් මේ විරෝධතාවය අතට අරගෙන රටට කරපු අලාභයක් හැටියට තමයි මම මේක දකින්නේ.

    සාමාන්‍ය උද්ඝෝෂණයට අමතරව මේක ප්‍රචණ්ඩකාරී තත්වයට පත්කළේ අන්තවාදීන් කියලයි අපි කියන්නේ. අන්තවාදීන්ට ඊයේ ඕනෑ වුණේ වුණේ මිනියක් දෙකක් මේ රටේ ඇති කරලා ඒක රට වටේ ගෙනියන්න. ඕක අලුත් දෙයක් නෙමේ. එදා යූඑන්පී ආණ්ඩුව කාලේ 88 89 කාලෙ කොහොමද සිද්ද උනේ කියලා අපි දන්නවා. ඒගොල්ලන්ට ඒ අත්දැකීම් තියෙනවා කරන්න හැකියාවක් තියනවා. ඒ නිසා තමයි ඔයා ඔය කාරණාව කිව්වේ. සිදුවීම වෙනකොටත් අද උදේ වෙනම ජනාධිපතිතුමා එතුමාගේ නිවසේ තමයි හිටියෙ. ජවිපෙ නායකයා පහුගිය කාලෙ කිව්වා ජනතාව පාරට බහිනවා නම් අපිත් ලෑස්තියි කියලා. ඔවුන් දන්නවා දේශපාලන නායකත්වයක් දුන්නොත් මිනිස්සු දැන් පාරට බහින්නේ නෑ කියලා. ඔවුන් ක‍ළේ දේශපාලන නායකත්වයක් නොපෙන්වා මිනිස්සුන්ව රවට්ටලා යටින් ඉඳගෙන මේ වගේ තත්ත්වයක් ඇති කරපු එක. එතන හිටියා යූඑන්පී නගර සභා මන්ත්‍රීවරු. ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු හිටියා අපේක්ෂකයෝ හිටියා. ඒ වගේ අන්තවාදීන් ඉඳගෙන මේක මෙහෙයවූවා කියන එක අපි දැක්කා. මම වගකීමෙන් ඔබලාට කියනවා. ඒ කාරණා ජනාධිපති මාධ්‍ය අංශය ඔබලාට ඉදිරිපත් කරාවි.” යැයි ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.