fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කටුගස්තොට ගින්නෙන් තිදෙනෙක් මරුට

    කටුගස්තොට ගින්නෙන් තිදෙනෙක් මරුට

    කටුගස්තොට මැණික්කුඹුරවත්තේ පිහිටි නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙක් පිළිස්සී මියගොස් ඇත.

    පියා, දියණිය සහ දියණියගේ පෙම්වතා එසේ මියගොස් ඇති අතර මව බරපතල පිළිස්සුම් තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත්කර තිබේ.

    පොලීසිය සැකකරනුයේ දියණියගේ පෙම්වතා විසින් මෙම ගිනි තැබීම කර ඇති බවය.

    මිය ගිය පියා කටුගස්තොට නගරයේ බුලත්විට අලෙවි කිරීම ජීවිකාවකරගත් තැනැත්තෙක් බවද පොලීසිය සඳහන් කරයි.

    මෙම ගින්න අද අළුයම් කාලයේදී සිදුව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.