fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ වාහන භාවිතයට සීමා පැනවේ

    රජයේ වාහන භාවිතයට සීමා පැනවේ

    අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා රජයේ වාහන යෙදවීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රජයේ ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් යොමු කර තිබේ.

    එසේම අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා ඉන්ධන භාවිතා නොකරන ලෙස ද එහි සඳහන් වේ.

    එමෙන්ම රජයේ වාහන භාවිතා කරන ප්‍රධානීන් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීම සීමා කිරීමටද අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැන්ම් දී ඇත.

    එම වැඩමුළු සහ රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ඉදිරියේදී කටයුකු කරනු ඇත.

    ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා වැයවන වියදම අඩුකර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.