ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සංවිධාන කටයුතු ආරම්භ කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ සමාගමක නියෝජිතයන් පිරිසක් මේ වනවිට මෙරටට පැමිණ සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ මැතිවරණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම සිදුකර තිබෙන්නේද මෙම ඇමරිකානු සමාගම බව පැවසේ
එම නියෝජිතයන් මේ වනවිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, වෘත්තීය සමිති, ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වමින් ජනාධිපතිවරණයේ මූලික වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ඒ අනුව දැනටමත් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවල සිදුවන අඩුපාඩු පිළිබඳවද එම නියෝජිතයන්ගේ විශේෂ අවධානය යොමු වී අතර එම අඩුපාඩු මගහරවාගෙන යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරගැනීම පිළිබඳව ඔවුන්ගේ යෝජනා ද ජනාධිපතිවරයාගේ පාර්ශවයට ඉදිරිපත් කර තිබේ.
අනතුරුව ලබන මස මුල් සතියේදී ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නියමිතව ඇත.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය මාසය අවසන්වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දීමට නියමිත බව පසුගියදා පැවති සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ.
ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල ප්‍රකාශයක් සිදුකිරීමට කටයුතු කරන බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී පවසා තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.