මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම අතර කොටසේ කොන්ක්‍රීට් බාල්කයක් කඩාවැටීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥයින් තුන් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේ මූලික වාර්තාව මේ වන විට ලැබී ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.
පසුගිය 4 වැනිදා පස්වරු 5.45 ට පමණ මෙම කොන්ට්‍රීට් බාල්කය කඩා වැටී තිබුණේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ බෙම්මුල්ල, කදඔළුවාව ප්‍රදේශයේදී ය.
කඩාවැටුණු කොන්ට්‍රීට් බාල්කය මීටර් 35 ක පමණ දිගකින් යුක්තයි.
මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.