තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුබ කටයුතු රැසක් සමඟින් නවම් මහ පෙරහැර ඇරඹේ

    සුබ කටයුතු රැසක් සමඟින් නවම් මහ පෙරහැර ඇරඹේ

    කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) රාත්‍රී පැවැත්විණි.

    පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධාන කෙරිණ.

    පැමිණි සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීම සහ කෙටි අනුශාසනාව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ සිදු කළහ.

    මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. උඩරට, පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්ථන කණ්ඩායම් සහ අලි ඇතුන්ගෙන් පෙරහර වර්ණවත් විය.

    බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදි කෙරුණු රන්වැට විවෘත කිරීම, විහාරස්ථානය ඉදිරිපිට ඇති භූමිය නිදහස් දීමනා බලපත්‍රයක් මඟින් ගංගාරාම විහාරස්ථානය වෙත පූජා කිරීම සහ පෙරහර සඳහා පැමිණි ඇත් ගොව්වන් තිදෙනෙකුට පාපැදි පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් මෙහි දී සිදු කෙරිණ.

    මහා සංඝරත්නය, මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු, විහාරස්ථ දායක සභාවේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img