නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ සිසුවියක් කොවිඩ් වෛරසය ආසාදිතව ඊයේ මියගොස් ඇත.
එම විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි තබ්බෝවේ පදිංචි බී.එම්.ටී.මනීෂා කුමාරි සිසුවිය මෙසේ මිය ගොස් තිබේ.
මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.
ඉකුත් 28 වෙනිදා ඇය පාසල් ගොස් නිවසට පැමිණි පසු ඇතිවූ කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කර ඇති බවත් එහිදී කළ පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙන බවත් සඳහන්ය.