fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සංඥා නොතැකූ ත්‍රීරෝද රථය දුම්රියේ ගැටේ

    සංඥා නොතැකූ ත්‍රීරෝද රථය දුම්රියේ ගැටේ

    ජා-ඇළ කුඩහකපොළ දුම්රිය හරිස් මාර්ගයේදී ආලෝක සංඥා නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටී එහි ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඇත.

    මෙම අනතුර ඊයේ රාත්‍රී කාලයේදී සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ දෙකටන කැලැහල පදිංචිව සිටි 31 හැවරදි පුද්ගලයෙකි.

    මෙම අනතුරත් සමඟ ත්‍රී රෝද රථයේ රියදුරු පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

    කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වෙමින් තිබුණු දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.