තවත්
    මුල් පිටුවදේශීය පුවත්පානදුර රෝහල් ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබමින් කුඩු සළිදු හයිය පෙන්වයි

    පානදුර රෝහල් ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබමින් කුඩු සළිදු හයිය පෙන්වයි

    පානදුර මූලික රෝහලේ ගිලන් රථ රියදුරෙකුට අද රෝහල අසලදී සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දරා තිබේ.

    ගිලන් රථ රියදුරාට වෙඩි ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නැති අතර ගිලන් රථයට වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි.

    පානදුර රෝහල පිහිටා ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් ස්ථානයට යාබදවය.

    වෙඩි ප්‍රහාර හමුවේ ගිලන් රථ රියදුරු පළාගොස් සැඟවී සිය ජීවිතය ගලවාගෙන තිබේ.

    මෙම ඝාතන තැත පිටුපස පානදුරේ කුඩු සළිඳු සිටින බවට සැකයක් පැන නැගී ඇත.

    කුඩු සළිඳුගේ මත්කුඩු ගිලන් රථයකින් ප්‍රවාහනය කරන බවට බුද්ධි අංශ වෙත ලැබී තිබුණු තොරතුරු මත ගිලන් රථ කිහපයක් සම්බන්ධයෙන් ඉකුත් වසරේ පොලීසියේ විශේෂ අවධානයක්ද යොමුවී තිබුණි. ඒ අතර කුඩු සළිඳුගේ මත්කුඩු තොග පිටින් අත්අඩංගුවට පත්වීමට පටන් ගත් අතර හමුදා සාමාජිකයෙක් සමගින්ද මත්කුඩු කිලෝ 10 ක් පසුගිය දා අත්අඩංගුවට ගත්තේය. එම මත්කුඩු තොගය සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුව දුන්නේ යැයි සැකකරන තරුණයින් දෙදෙනෙකුව බණ්ඩාරගමදී මහා දවාලයේ සළිඳුගේ ගෝලයෙක් විසින් කපා කොටා දෑත් වෙන්කරන ලදි. එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී කතරගම පොලීසියට හසුව රක්ෂිත බන්ධනාගාරගත වන්නේ ගංජා තොගයක් සමඟිනි.

    අනතුරුව මෑතකදීද බණ්ඩාරගමින් කුඩු සළිඳුගේ මත්කුඩු කිලෝ 07 ක් සමඟ පියපුතු යුවලක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

    පානදුර රෝහලේ ගිලන් රථ රියදුරෙක් ඝාතනය කිරීමට උත්සහ දරන්නේ මෙවන් පසුබිමක් යටතේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img