තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමාජ ජාලවල පැතිරෙන බොරු ගැන ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් පැහැදිලි කිරීමක්

    සමාජ ජාලවල පැතිරෙන බොරු ගැන ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් පැහැදිලි කිරීමක්

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය කරුණු සහ සංඛ්‍යා ඇතුළත් කරමින් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වන වාර්තා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කර තිබේ.

    ජාත්‍යන්තර ගුවන් සේවා කළමනාකරණ වෘත්තිකයෙකු වන Richard Nuttall මහතා 2021 නොවැම්බර් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරියා ලෙස පත් කළ බව ශ්‍රීලංකන් ගුවන්සේවය දැනුම් දී සිටී.

    ඒ මහතාගේ පත්වීම සිදු කරන ලද්දේ එවැනි ප්‍රධාන තනතුරු සඳහා ගුවන් සේවයේ සම්මත බඳවා ගැනීමේ පටිපාටියට අනුව සහ අවශ්‍ය අනුමැතීන් සහිතව බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරී/ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි Richard Nuttall මහතා

    ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර 2021 දෙසැම්බර් මස 31 න් පසු පුරප්පාඩු වූ අතර එබැවින්, දැනට සිටින ජ්‍යෙෂ්ඨතම දෙවැනියා Richard Nuttall මහතා වූ බැවින්, තාවකාලික පදනමින් සහ ස්ථිර පත්වීමක් ලබා දෙන තුරු, වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඒ මහතා පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.

    Richard Nuttall මහතා ප්‍රධාන වාණිජ නිලධාරිවරයා ලෙස ඔහුගේ රැකියා භූමිකාවට අමතරව, අන්තර් කාලසීමාව තුළ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරනු ඇති බව එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img