fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඩසිය වසරකට පසුව රත්මලානෙන් ජාත්‍යන්තරයට ගුවන් ගමන්

    අඩසිය වසරකට පසුව රත්මලානෙන් ජාත්‍යන්තරයට ගුවන් ගමන්

    වසර 54කට පසුව රත්මලාන ගුවන් තොටුපළ ලෙස හැඳින්වූ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ලබන 29 දා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරේ.

    ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසන්නේ විශේෂයෙන් දකුණු ඉන්දියාව, මාලේ වැනි ගුවන් ගමන් රත්මලාන කේන්ද්‍ර කර ගනිමින් නව ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිත බවය.

    මේ අනුව ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ගුවන් සමාගම් දෙකක් මේ වන විටත් කැමැත්ත පළකර ඇත.

    තවත් ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා පවත්වමින් පවතින අතර එම සාකච්ඡාද සුබවාදී බව හෙතෙම පවසයි.

    රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ විය.

    1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් සිදු නොවීය.

    දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් එහි සංවර්ධනය වෙමින් පවති .

    මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්, පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා සහ ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.

    මීට අමතරව ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සදහා ද රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

    ඉතා ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කර ගෙන ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ඒ අනුව කටයුතු කෙරේ.

    එමෙන්ම පුද්ගලික ගුවන් යානා සදහා තාක්ෂණික නැවතුම් සේවා, ජෙට් ගුවන් යානා සදහා ඉන්ධන පිරවීම් වැනි අවශ්‍යතාවයන් සදහා ද රත්මලාන ගුවන්තොටුපල තුල ඉඩ කඩ සැලසීමට නියමිතය

    ඉදිරියේදි මෙම සේවාවන් තව දුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා සදහන් කරයි.

    රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය පිළිබදව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.