තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIP'මැණිකේ...' ඉන්දියාවේ දේශපාලනයටත් රිංගයි

    ‘මැණිකේ…’ ඉන්දියාවේ දේශපාලනයටත් රිංගයි

    ඉතා කෙටි කලකින් ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ ශ්‍රී ලාංකේය නවක ගායිකා යොහානි ද සිල්වා යළි ගායනා කළ සතීශාන්ගේ ‘මැණිකේ මග හිතේ’ ගීතය දැන් ඉන්දියානු දේශපාලන ව්‍යාපාරය ද ආක්‍රමණය කර තිබේ.

    ඉන්දීය උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ මේ දිනවල ඡන්ද සටනේ නිරත පාලක භාරතීය ජනතා පක්ෂය (බීජේපී) විසින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ සහ උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත්ගේ අපේක්ෂාවන් ඉහළ නැංවීම සඳහා ද මෙම ගීතය භාවිත කර ඇත.

    පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ‘මැණිකේ..’ ගීතයේ හින්දි අනුවාදයෙන් ගීතයක් නිර්මාණය කර ඇති අතර එහි ඉන්දීය අගමැති මෝදිගේ සහ යෝගීගේ නම් ද භාවිත කරමින් ගීතය සකසා ඇත.

    ඉන්දියාවේ විශාලතම ප්‍රාන්ත අතර සිටින උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ. ඡන්ද විමසීම මාර්තු 7 වැනිදා අවසන් වේ.

    ඉදිරියට එන බොලිවුඩ් චිත්‍රපටය වන “ෂිද්දත්” හි ද මෙම ගීතය ගායනා කර ඇත.

    පහත දැක්වෙන්නේ මැණිකේ.. ගීතයේ භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් නිර්මාණය කර ඇති ගීතයයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img