fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නඩු පිට නඩු යන ලංවිමේ සාමාන්‍යාධිකාරි පුටුවේ අලුත් අවුලක්

    නඩු පිට නඩු යන ලංවිමේ සාමාන්‍යාධිකාරි පුටුවේ අලුත් අවුලක්

    ලංකා විදුලිබල මණ්ඩලයේ නව වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා වෙන් ලෙස ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පත්කර තිබේ.

    ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයකට අනුව ලංවිම සභාපති එම් එම් සී ප්‍රදිනාන්දු මහතා විසින් එම පත් කිරීම කර තිබේ.

    ලංකා විදුලිබල මන්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී එම් රණතුංග මහතා ඉකුත් දොළොස්වෙනි දින විශ්‍රාම ගිය අතර එම තනතුර මෙතෙක් පුරප්පාඩු ව පැවතිණ.

    මේ අතර විශ්‍රාම ගිය සාමාන්‍යාධිකාරීවරයා තවත් වසර දෙකක කාලයක් තමාට එම තනතුර ලබා දෙන්නැයි ඉල්ලමින් අධිකරණයේ නඩු පවරා ඇත.

    ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන ආචාර්ය රොහාන්ත අබේසේකර මහතාද තමාට සාමාන්‍යාධිකාරී තනතුර ලබා දෙන ලෙස ඉල්ලමින් අධිකරණයේ තවත් නඩුවක් ගොනු කර ඇත.

    මෙම අධිකරණ ක්‍රියාවලිය නිමවන තුරු ලංකා විදුලිබල මණ්ඩලයට තාවකාලිකව වැඩබලන සාමාන්‍ය අධිකාරීවරයෙකු පත් කරගන්නේ කරගන්නේ අධිකරණය ලංවිම පාලනාධිකාරියට උපදෙස් දී තිබිණ.

    ඒ අනුව ලංවිම පාලනාධිකාරියට නව වැඩබලන සාමාන්‍යඅධිකාරීවරයා පත්කර තිබේ.

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කර ඇත්තේ නීති විරෝධී සහ අධිකරණ නියෝගයට පටහැනිව යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

    ආචාර්ය සුසන්ත පෙරේරා මහතා ලංවිම විශ්‍රාම ගිය නිලධාරියෙක් වන අතර විශ්‍රාමික නිලධාරියෙකුට සාමාන්‍යධිකාරී වගකීම නැවත පැවරීම විදුලිබල පනතට පටහැනි බව ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

    ලංවිම සභාපති ප්‍රදිනාන්දු මහතා අධිකරණ නියෝගය නිසි ලෙස නිසිලෙස අධ්‍යයනය නොකොට තමාට අවශ්‍ය පුද්ගලයකු සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කර ගෙන ඇතැයි ද ඊට තම සංගමය දැඩි විරෝධය දක්වන බවද සභාපතිවරයා පැවසීය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර සුදුසුම පුද්ගලයා වන්නේ රොහාන්ත අබේසේකර මහතා වන අතර ඔහුට එම තනතුර ලබා නොදී යුගදනවි ගිවිසුමට සහයෝගය දක්වන සුසන්ත පෙරේරා මහතාට තනතුර පිරිනමා ඇතැයි ද ලංවිම ඉංජිනේරු සංගමයේ සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.