fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 900ක්

    ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 900ක්

    දිවයිනේ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය මධ්‍යයේ, ක්ෂය වී ඇති විදේශ සංචිත ගොඩනගා ගැනීමට සහ ආහාර ආනයනය වෙනුවෙන් ඉන්දියාව ඩොලර් මිලියන 900 ක ණයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ප්‍රකාශයට පත් කර තිබේ.

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට සාකච්ඡා කරන බවයි.

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ බ්‍රහස්පතින්දා කබ්රාල් හමුවී ඇමරිකානු ඩොලර් මිලියන 900 කට අධික පහසුකම් ලබා දීමෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාවේ දැඩි සහයෝගය පළකළේය.

    මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 කට වැඩි ආසියානු නිශ්කාශන සමාගමට(ACU) ණය පියවීම් කල්දැමීම සහ ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුව ඇතුළත් වේ.

    ඉන්දියාවේ පියවර පිළිබඳව අදහස් දක්වමින් මෙහි විශ්ලේෂකයින් කියා සිටියේ දෙසැම්බර් අවසානයේ ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ සංචිත දෙගුණ කිරීමට ඉන්දීය ආධාර දායක විය හැකි බවයි.

    ආනයනය සඳහා ගෙවීමට ඇති ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ලේම පාහේ හිඟයකට මුහුණ දී සිටී.

    මීට අමතරව, ටර්බයින ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පවා නොහැකි බැවින් විදුලිය උපරිම භාවිත වන කාලයේදී විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇත.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙසැම්බර් මාසයේ නවදිල්ලි නුවරට ගිය අවස්ථාවේදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ණය සහන සහ ශ්‍රී ලංකාවේ සිඳී යන විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා මුදල් හුවමාරුවක් ඇතුළු හදිසි මූල්‍ය ආධාර සඳහා ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස ඉන්දියාවේ සහය ලැබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.