තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝසිට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

    රෝසිට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

    කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් සිදුකරන ලදැයි කියන ජනතා මුදල් අවභාවිතා කිරීම සහා මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලද පැමිණිල්ලකට අනුවයි.

    පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා විසිනි.

    මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් කහඳගම මහතා වෙත පසුගිය 05 වැනිදා ලිඛිතව දන්වා ඇත.

    ඒ මහතා කොළඹ නගරාධිපතිනියට එරෙහිව මෙම මුල්‍ය චෝදනා පිළිබඳ කොමිශන් සභාවට පැමිණිලි කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 23 වැනිදා ය.

    කොළඹ නගරාධිපතිනිය ජනතාව මුදල් අයථා භාවිත කරන බවට වරින් වර මාධ්‍ය මගින් ද වාර්තා කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img