තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිය කැපිල්ල වළකන්න විදුලිබලේට තෙල් දෙන්න තීරණයක්

    විදුලිය කැපිල්ල වළකන්න විදුලිබලේට තෙල් දෙන්න තීරණයක්

    විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1,500ක් බැගින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

    ඒ ලබන අඟහරුවාදා (18) දක්වා ය.

    බලාගාරවල ක්‍රියාකාරීත්වය සඳහා ඉන්දන නොලැබුනහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

    බලාගාර සඳහා දැවි තෙල් සහ ඩීසල් හිඟ වීම නොරොච්චෝලේ තාප බලාගාරයක් අක්‍රිය වීම මෙන්ම ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම පහත වැටීම නිසා විදුලි සැමයුමට ද බාධා එල්ල විය.

    මේ හේතුවෙන් විදුලි කප්පාදු කිරීමට කාල සටහනක් ද විදුලි බල මණ්ඩලය පසුගියදා නිකුත් කර තිබුණි.

    කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම මත හදිසි තීරණයක් ලෙස දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලබා දීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img