fbpx
තවත්
    මුල් පිටුවspecialබොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ පුද්ගලයාගේ තවත් තතු එළියට

    බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ පුද්ගලයාගේ තවත් තතු එළියට

    බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බය තැබූ බවට පල්ලිය විසින් ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් හදුනාගත් පුද්ගලයා එම බෝම්බය තැබීමෙන් පසු ගමන් කර ඇත්තේ වනාතමුල්ල දෙසට බව හෙළිවී තිබේ.

    උදෑසන පල්ලියට පා ගමනින් පැමිණි එම පුද්ගලයා බෝම්බය බවට සැකකරන යමක් එහි තබා අනතුරුව පාගමනින්ම බේස්ලයින් මාර්ගය දෙසට ගමන් කර එතැනින් දෙමටගොඩ දෙසට පාගමනින් ගමන් කරන අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශනද ලැබී ඇත. දෙමටගොඩ දෙසට ගමන් කළ මේ පුද්ගලයා බේස්ලයින් දුම්රිය ක්‍රීඩාංගනය අසලින් ඇති මාර්ගගයෙන් වනාතමුල්ල දෙසට ඇතුළු වී ඇති බවද ආරක්ෂක කැමරා දර්ශන විමර්ශනයේදී පැහැදිලිවම හෙළිවී තිබේ.

    එහෙත් කොළඹ අපරාධ කොට්ඨාශය මෙම දර්ශන පුළුල් පරීක්ෂාවකට ලක්කරන්නට පෙර එම බෝම්බය ගැන තොරතුරු ලබාදුන් පල්ලියේ සේවය කරන සිව් දෙනෙත් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත්තේය. ඒ අතර සිටි මරදානේ පදිංචිකරුවෙක් වන දේවස්ථානයේ දහම් පාසල් ගුරුවරයෙක් වූ මුනී නැමැති අයෙකු පොලීසිය විසින් ප්‍රධාන සැකකරු බවට පත්කළේය. එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේ දේවස්ථානයේ සිටි 15 හැවරදි දරුවෙක් විසින් ලබාදුන් තොරතුරක් මුල්කරගෙනය. එම දරුවා පවසන්නේ පල්ලියේ බංකුවක් මත වූ එම බෝම්බය අල්තාරයේ තැබුවේ තමා බවත් එය එම ස්ථානයේ තැබීමට තමාට උපදෙස් දුන්නේ මුනී නැමැත්තා විසින් බවට පැවසීම නිසාය.

    ඒ සම්බන්ධයෙන් මුනී නැමැත්තා සදහන් කර ඇත්තේ එය බෝම්බයක් බව තමා නොදැන බංකුව මතවූ එය අල්තාරයේ තබන්නැයි කීවේ පලිල්යට පැමිණි අයෙක් අතපසු වීමකින් දමා ගිය යමක් වෙන්නට ඇතැයි සිතාගෙන බවය.

    ඒ අතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් (සොකෝ) පැමිණ පරීක්ෂාවකින් පසු පල්ලියේ කාමරයකින් ගිනි පෙට්ටි දෙකක් සොයා ගනිමින් හස ගිනි පෙට්ටියේ කූරු අඩුබව පෙන්වා දෙමින් බෝම්බයට අටවා තිබෙන ගිනි කූරු සහ එම පෙට්ටියේ ඇති ගිනි කූරු අතර සමානකමක් ඇතැයි සදහන් කිරීමත් සමග මුනී නැමැත්තා ප්‍රධාන සැකකරුවෙක් බවට පොලීසිය පත්කරන්නට විය.

    මේ කටයුත්ත සිදුකරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි. අනතුරුව දෙමටගොඩ වේලුවන පාරේ පදිංචිකරුවෙක් වන ත්‍රී රෝද රථ රියදුරෙකුවද දේවස්ථාන භූමියේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි. එසේම පොලීසිය 15 හැවරදි දරුවාද දේවස්ථානයේ රැදී සිටි තවත් අයෙක්වද අත්අඩංගුවට ගත්තේය. ඔවුන් සිව් දෙනාම එම අවස්ථාවේදී දේවස්ථානයේ රැදී සිට ඇත්තේ සවස පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් සැරසිලි කරමින් දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වෙමිනි. ඒ බව දේවස්ථානයේ පියතුමන්ලා පවසද්දීත් පොලීසිය ඔවුන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවස්ථානයේ ආරක්ෂක කැමරා දත්ත පූර්ණ පරීක්ෂාවකින් තොරවය.

    අවසානයේදී පොලීසියේ කටයුත්ත සිදුවන්නේ දේවස්ථානයේ පියතුමන්ලාගෙනි. සැබෑ බෝම්බකරු බවට සැකකරෙන පුද්ගලයාව හදුනා ගන්නේ ඒ අනුවය. හැබැයි ඒ ආරක්ෂක කැමරා දත්තයන්ට අනුවය.

    පොලීසියේ කාර්ය පල්ලියෙන් සිදුකර ඒ බව කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිකරන විට පොලීසියේ ලොක්කන් සිටියේ තක්කු මුක්කුවය.

    පල්ලියෙන් සොයා දුන් ඒ සැකකරුව දැන් වත් පොලීසිය කොතරම් වේගයකින් අත්අඩංගුවට ගැනීමට සමත්වේවිදැයි මුළු රටක්ම දැන් බලා සිටී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.