fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ඉන්න අයගේ තතු පොලීසියෙන් රැස් කරයි

    කොළඹ ඉන්න අයගේ තතු පොලීසියෙන් රැස් කරයි

    කොළඹ නගරයේ තාවකාලික පදිංචිකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් අද සිට දින 3 ක කාලයක් පැවැත්වේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

    ඒ, අනුව කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන්, ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන් ගෙන සිටින සියළු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක් රැස්කිරීම මෙහිදී සිදු කෙරේ.

    පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, කොළඹ නගරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් තුරන් කිරීම මෙහි අරමුණ බවයි.

    මෙම දින 03 තුළ දී, ඉහත සඳහන් ස්ථානවල තාවකාලික පදිංචිකරුවන් සිටී නම් ප්‍රදේශයේ මංමාවත් හා වීදිවල සංචාරය කරන ප්‍රජා පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නතම පොලිස් ස්ථානය වෙතින් මේ සඳහා සකස් කර ඇති පෝරමය ලබාගෙන නිවැරදි තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් වෙත හෝ පොලිස් ස්ථානය වෙත භාරදීම සිදුකළ යුතු ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.