fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් රෝගීන් හොයන වැඩෙත් බල්ලන්ට දෙයි

    කොවිඩ් රෝගීන් හොයන වැඩෙත් බල්ලන්ට දෙයි

    මිනිසාගේ හොඳම මිතුරාට තවත් භාරදූර කාර්යයක් පැවරීමට තුර්කිය පියවර ගෙන තිබේ.

    එනම් තුර්කියේ කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා ය.

    පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සෙවීමේ සහායකයින් ලෙස වසර ගණනාවක් තිස්සේ ආරක්ෂක අංශ විසින් K9 සුනඛයන් භාවිතා කර ඇත.

    මිනිසුන්ට වඩා ගඳ සුවඳ දැනීම බොහෝ දියුණු වී ඇති මෙම සතුන්ට මිනිසුන්ගේ සමහර රෝග ද හඳුනා ගත හැකි වීම සුවිශේෂී ලක්ෂණයකි.

    ඉස්තාන්බුල් හි පිහිටි ආරක්ෂක සමාගමක් විසින් COVID-19 ධනාත්මක රෝගීන් හඳුනාගැනීමේදී මීට පෙර විදේශයන්හි පරීක්ෂාවට ලක් කර ඇති K9 සුනඛයන් භාවිතා කිරීම සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනයක් ද සිදු කර ඇත.

    ඉස්තාන්බුල් පදනම් කරගත් සාදි කෝනුක් පුහුණු හා පර්යේෂණ රෝහල සහ ඉස්තාන්බුල් විශ්ව විද්‍යාලයේ සෙරපාසා පශු වෛද්‍ය පීඨය සහ TAV ආරක්‍ෂකයන් විසින් ඔවුන් වසරක් පමණ තිස්සේ මේ පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයක් මේ වනවිට අවසන් කර ඇත.

    ඉස්තාන්බුල් හි අර්නාවුට්කෝයි දිස්ත්‍රික්කයේ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රවීණ සහ පළපුරුදු K-9 පුහුණුකරුවන් K9 ඒකකයේ සුනඛයන් සමඟ අත්හදා බැලීම් ආරම්භ කළේ අවශ්‍ය බලපත්‍ර ලබාගෙන අදාළ ආයතන සමඟ සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුවය.

    රෝගීන්ගේ කිහිලිවලින් ගත් දහඩිය සාම්පල බල්ලන්ට ඉව කිරීමට සලස්වා ඇත.

    පර්යේෂකයන් නිරීක්ෂණය කළේ මාස හයක් පමණ විපාක-දඬුවම් ක්‍රමය පුහුණු කරන ලද සුනඛයන්ට රෝගී පුද්ගලයින්ගේ සුවඳ වෙන්කර හඳුනාගත හැකි බවයි.

    K9 සුනඛයන් ප්‍රතික්‍රියා කරන්නේ ඔවුන් හඳුනා ගන්නා ධනාත්මක COVID-19 රෝගීන් ඉදිරියේ වාඩි වී සිටීමෙනි.

    ව්‍යාපෘතියේ අවසාන අදියරේදී මිනිසුන් ගැවසෙන ස්ථාන පරීක්‍ෂා කිරීමෙන් පසුව, මිනිසුන් බහුලව සිටින ඕනෑම තැනක, විශේෂයෙන් ගුවන් තොටුපලවල වගකීම භාර ගැනීමට K9 සුනඛයන්ට හැකි වේ.

    TAV Security හි සාමාන්‍යාධිකාරී තුර්ගේ ෂාහන් පවසා ඇත්තේ ඔවුන් K9 සුනඛයන් පුහුණු කිරීම සඳහා 2019 දී පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බවයි.

    මිනිසුන්ට වඩා දස දහස් ගුණයකින් ගඳ සුවඳ දැනීම දියුණු වී ඇති K9 සුනඛයන් වසර ගණනාවක් තිස්සේ ලොව පුරා රටවල් ගණනාවක රෝග හඳුනාගැනීමේ කාර්යයේ නිරත වී සිටී.

    මෙම අධ්‍යයනය සඳහා ඔවුන් සුනඛයන්ට පුපුරණ ද්‍රව්‍ය සහ රෝග හඳුනා ගැනීමේ හැකියාවෙන් ආරම්භ වූ බව සඳහන් කළ ෂාහන් පැවසුවේ, දැනටමත් භාවිතයේ පවතින භාවිතයන් පරීක්ෂා කිරීමෙන්, “වසංගත තත්ත්ව යටතේ ඉතා වැදගත් වන මෙම ගැටලුව සම්බන්ධයෙන් අපගේ K9 ඒකකය සංවර්ධනය කිරීමට අපි පටන් ගත් බවයි.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.