තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිබලෙන් යූටර්න් එකක් - අද විදුලි කප්පාදුවක් නෑ

    විදුලිබලෙන් යූටර්න් එකක් – අද විදුලි කප්පාදුවක් නෑ

    පෙර දැනුම් දුන් පරිදි අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරයි.

    පෞද්ගලික සමාගමකට අයත් කැලණිතිස්ස විදුලි බලාගාරයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව අමාත්‍යාංශය කීය.

    ඊයේ දිනයේ එම බලාගාරයේ ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි විය.

    එය දැන් යථා තත්ත්වයට පත් කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි කප්පාදු කාලසටහනක් ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී.

    කාලසටහනට අනුව පස්වරු 5.30 සිට රාත්‍රී 09.30 දක්වා දෛනිකව පැයක විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img