තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහජන බැංකුව චීන බ්ලැක්ලිස්ට් එකෙන් ඉවත් කරයි

    මහජන බැංකුව චීන බ්ලැක්ලිස්ට් එකෙන් ඉවත් කරයි

    මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලයේ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකා මහජන බැංකුව ඉවත් කර තිබේ.

    ඒ ණයවර පත් නියමයන්ට අනුකූලව Qingdao Seawin Biotech Group Co., Ltd. වෙත එම බැංකුව විසින් අදාළව මුදල් ගෙවීමෙන් පසුව මෙම ඉවත් කිරීම කර ඇති බව එම බැංකුවේ සාමාන්‍යාධිකාරි, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු මහතා පවසයි.

    චීන පොහොර නැව සම්බන්ධ සිද්ධියට අදාළව එම කාර්යාලය විසින් මීට පෙර මහජන බැංකුව අසාදුලේඛනගත කර තිබුණේ අධිකරණ නියෝගයක් යටතේ අදාළ මුදල ගෙවීමට බැංකුවට වාරණයක් යොදා තිබූ අවස්ථාවේදීය.

    අධිකරණ වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසුව අදාළ මුදල ගෙවීමට බැංකුව කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img