fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ උරුමයන් ප්‍රවර්ධනයට පියවර

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ උරුමයන් ප්‍රවර්ධනයට පියවර

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ උරුමය ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුනාගනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත්කර ඇති නිවේදනය මෙසේය.

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංස්කෘතික හා ජනතා සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහාත්, රටවල් දෙකෙහි බෞද්ධ උරුමයන්ගේ සහයෝගිතාව වඩාත් ශක්තිමත් කිරීම සඳහාත් හඳුනාගනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස වසර 05ක කාලයක් තුළ ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.89ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත.

    යටිතල පහසුකම් සංවර්ධනය, ධාරිතා සංවර්ධනය, සංස්කෘතික කටයුතු, පුරාවිද්‍යාත්මක සහයෝගිතාව, ශ්‍රී ලංකාව තුළ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම සහ ඉන්දියාව වෙත බෞද්ධ චාරිකා ප්‍රවර්ධනය ආදී කරුණුවලට අදාළව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා එක්ව හඳුනාගනු ලබන ව්‍යාපෘති මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.