fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලඥයින්ගේ වැඩ කරන්න පොලිස් නිලධාරීන්ට අයිතියක් නැහැ - මහජන ආරක්ෂක ඇමති

    දේශපාලඥයින්ගේ වැඩ කරන්න පොලිස් නිලධාරීන්ට අයිතියක් නැහැ – මහජන ආරක්ෂක ඇමති

    පොලිස් නිලධාරීන්ට දේශපාලඥයින්ගේ කිසිම වැරදි වැඩක් කරන්න අයිතියක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි.

    අලුතින් ස්ථාපනය කරන ලද පොලිස් ස්ථාන 105ක ස්ථානාධිපතිවරුන්ගේ ගැටළු හා ජනතාව වෙනුවෙන් පොලීසිය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශ ශ්‍රවනාගාරයේ පැවති වැඩ සටහනක් ද අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    “පොලිසිය දේශපාලනීකරණය වෙන්න දෙන්නෙත් නැහැ. සමහර දේශපාලඥයන් ස්ථානාධිපතිවරුන් පත් කරන්න කියලා නොයෙකුත් නිර්දේශ දෙනවා. අපි බොහොමයක් ඒවා ප්‍රතික්ෂේප කරලා තියනවා. සමහර වෙලාවට හොඳ නිලධාරියෙක් හිටියොත් ඔවුන් ගැන හොඳට හොයලා බලලා තමයි ස්ථානාධිපතිවරු විදියට පත් කරන්නේ, ඒකත් කරන්නේ වෙනම කමිටුවක් පත් කරලා පොලිස්පතිතුමාගේ සහ ලේකම්තුමාගේ නිර්දේශය මතයි.“ යැයිද බවද ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

    තමන් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් පොලිස් ස්ථානයේ වැඩ කරන නිලධාරීන්ගේ හා තමාට අයත් වසමේ ජනතාවගේ සුභ සාධනය හා සුභ සිද්ධිය උදෙසා සේවය කල යුතුයැයිද පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවසූ ඇමතිවරයා රාජකාරිය තුලදී යහපත් චේතනාවෙන් යම්කිසි කාර්යයක් ඉටු කිරීමේදී වැරදීමක් සිදු වුවහොත්, තමාත් , පොලිස්පතිතුමාත් ලේකම්තුමාත් එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවද අවධාරණය කළේය.

    අද පොලිස් දෙපාර්තුමේන්තුවට රාජ්‍ය සේවා කොමිසම සලකන්නේ අනෙකුත් දෙපාර්තුමේන්තු වලට සලකන ආකාරයෙන් බව යැයි ඇමතිවරයා සඳහන් කළේය. “පොලිස් දෙපාර්තමේන්තුව අනෙක් දෙපාර්තුමේන්තු වලට වඩා වෙනස් වෙන්නේ මේ වනවිට පොලිස් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් 3500ක් කොටින් සමග සටන් කිරීමේදී ජීවිත පරදුවට තබා කොවිඩ් 19 රාජකාරී කටයුතු වලදී 15,000ක් පමණ ආසාදිත වී 55ක් පමණ මිය ගොස් රථවාහන රාජකාරි වලදී පොලිස් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් 230ක් මහ මග මිය යමින් පාතාලයින් මංකොල්ලකරුවන් නිසා තම ජීවිත පවා අනතුරේ දමා සේවය කරන නිළධාරීන් පිරිසක මෙම දෙපාර්තමෙන්තුවේ සේවය කරන නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද සහභාගී විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.